හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට තීරණයක්

November 29, 2023 - 6:24 PM

ලබන වසර තුළ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මේ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් අයවැයෙන් වෙන් කර ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

දැනට මෙරට කෝපි වගාව ප්‍රධාන වැවිලී බෝගයක් ලෙස වගා නොකළත් කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කෝපි වගාව නැවතත් වැවිලි බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අනුව හෙක්ටයාර් එකකට රුපියල් මිලියනයක මුදලක් ලබා දෙන අතර කෝපි වගාව සඳහා උනන්දුවක් දක්වන ගොවීන් ඊට යොමු කර ගැනීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙන්නේ.

අයවැය මගින් 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 96ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදල් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගැනීම සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

මෙරට කෝපි වගාව සඳහා විශාල ප්‍රසිද්ධියක් උසුලන අතර Coffea Arabica (අරාබිකා කෝපි), Coffea Canephora ( රොබස්ටා කෝපි) , Libarica (ලයිබරිකා කෝපි) යන විශේෂ වගා කෙරෙනවා.
(lknews.lk)