පාන් මිල ගැන තීරණය හෙට

July 25, 2024 - 12:05 PM
පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේදී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (24) පැවැත්වුවද එහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් හෙට දිනයේ තවත් සාකච්ඡාවක් පවත්වන බවත් එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන සඳහන් කළා.  

(lknews)