දෙහිවල සත්වෝද්‍යානයේ ජනවාරි මස ටිකට් පත් ආදායම මිලියන 52ක්

February 16, 2024 - 4:00 PM
දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්තා සඳහන් කරන්නේ දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන 52ක් බවයි.

දෙහිවල සත්වයෝද්‍යානයේ අධ්‍යාපනික දැනුවත් කිරීම් හා නරඹන්නන්ගේ සුව පහසුව වැඩි කිරීමත් සමඟ නරඹන්නන් පැමිණීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ මෙහෙයුම් එච්. ඒ අනෝමා ප්‍රියදර්ශනී පැවසුවා.
(lknews.lk)