උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
November 19, 2024 - 4:17 PM
දියතලාව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා.
ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු විය හැකි බවයි වාර්තා වන්නේ.
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ පස්වරුව වන විට එම දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.
(lknews.lk)