පාන් සහ කේක් ඉල්ලුම පහළ යයි

March 17, 2024 - 3:58 PM
පාන් සහ කේක් ඉල්ලුම සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා

අනෙකුත් බේකරි නිෂ්පාදන වලද මිල ගණන් සියයට 25කින් පමණ පහළ ගොස් ඇති බව එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වීම හමුවේ අනෙකුත් බේකරි නිෂ්පාදන වල ඉල්ලුමද සියයට 25කින් පමණ පහළ ගොස් තිබීම හේතුවෙන් බේකරි කර්මාන්තය කරගෙන යාම අපහසු බවයි.
(lknews.lk)