ඩෙංගු රෝගීන් ඉහළට

December 23, 2023 - 2:51 PM
2023 වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගීන් සංඛ්‍යාව 84,000 සීමාව ඉක්මවා තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව 17,803ක්  කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් ගණන ලෙස 38, 673ක් වාර්තා වෙනවා.

එමෙන්ම දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 7,5550 ක් වාර්තා වී තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණය ඩෙංගු රෝගීන් වැඩි වීමට හේතු වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ( NDCU ) අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා අවධාරණය කළා.

ඒ අනුව ඩෙංගු ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
(lknews.lk)