ඩෙංගු රෝගීන් ඉහළට

July 27, 2024 - 4:18 PM
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7,551 ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
(lknews)