ඩෙංගු 14කට දිවි අහිමි කරයි

June 19, 2025 - 9:06 AM
ලබන 30වනදා සිට ජූලි 05වනදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. 

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. 

මේ අතර දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,000කට අධික පිරිසක් මේ වන විට වාර්තා වී තිබෙනවා. 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 14දෙනෙක්ට දිවි අහිමි වී ඇති බවයි. 

(lknews)