එළඹෙන සතියේ පළාත් 4ක ඩෙංගු මර්දන වැඩසටහනක්

October 20, 2024 - 12:11 PM
ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ගංවතුරෙන් යටවූ ප්‍රදේශ වල ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 41,128ක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

ඒ අනුව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 17,472ක්.

මේ වන විට ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 20 දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.


(lknews.lk)