මඩකලපුව නගරයේ ස්ථාන 45කින් ඩෙංගු කීටයන් හමුවෙයි

December 06, 2023 - 12:30 PM
ජාතික ඩෙංගු මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා ඇතුළු නිලධාරීන් ඊයේ (5) මඩකලපුව දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

මෙය ජාතික ඩෙංගු මර්ධන කාර්යාංශයේ නිලධාරින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරින් හදිසි වැටලීමක් ලෙස සිදු කළ බව සඳහන්.


ඒ අනුව මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ පොලිස් අධිකාරී කාර්‍යාලය, සමෘධි බැංකුව, මඩකලපුව මහ නගර සභාව, මඩකලපුව මහ නගර සභාව මංගලාරාම විහාර ඇතුළු රාජ්‍ය නොවන ආයතනයන් නිරීක්ෂණ කර තිබුණා.

එලෙස ඩෙංගු කීටයන් ව්‍යාප්ත වී බෝවන ස්ථානයන් 45ක් හදුනාගත් බව මඩකලපුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාංශයේ කීට විද්‍යාඥ දර්ශිනී ගණනාදන් කියා සිටියා.

ඉහත සඳහන් ස්ථානවල සිදු කළ මෙහෙයුමේදී ඩෙංගු බහුල ස්ථාන ලෙස පැවති ස්ථාන හඳුනා ගත් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)