ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

October 24, 2023 - 10:58 AM
ඉදිරි සති දෙක තුළ ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ යා හැකි බව සෞඛ්‍ය හා කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසනවා. 

5%ක්ව පැවති කීට ඝනත්වය මැන බලන බිට්ටෝ දර්ශකය මේ වන විට සියයට 15 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කළා. 
 
MOH කොට්ඨාශ 68 ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවත් ඉදිරි කාලය තුළ එම අංශ පදනම් කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසුවා.
(lknews.lk)