ජනපති සටනට ඇප තැම්පත් කිරීම අද දහවලින් අවසන්

August 14, 2024 - 9:02 AM
2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැම්පත් කිරීම අද (14) දහවල් 12.00න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පුද්ගලයන් 36 දෙනෙක් ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම හෙට පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදු කිරීමට නියමිතයි.

(lknews)