දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි
May 02, 2025 - 9:34 AM
ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එහිදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවී තිබුණා.
තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළයි.
දේශබන්දු තෙන්නකෝන් සැඟව සිටි කාලයේ ඔහුට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව මේ සම්බන්ධව කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා.
කෙසේ වෙතත් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.
එමෙන්ම පොලීසිය සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවයි.
(lknews.lk)