දේශබන්දු තෙන්නකෝන් වැඩ භාර ගනී

February 29, 2024 - 9:33 AM
36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත්වීම් ලිපිය පොලිස්පතිවරයාට භාරදී තිබෙනවා.

එහිදී අදාළ පත්වීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලීසියට එක්ව ඇත්තේ 1998 වසරේ පෙබරවාරි 23 වැනිදායි.

(LKNEWS)