දේශබන්දු අද විමර්ශන කමිටුවට

May 19, 2025 - 9:05 AM
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පසුගියදා නොතීසියක් මඟින් දැනුම් දුන්නේ අද එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි.

විමර්ශන කමිටුව අද පස්වරු 2ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8හීදී රැස්වීමට නියමිතව තිබෙනවා.

(lknews)