දේශබන්දු තෙන්නකෝන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි

July 24, 2024 - 9:57 AM
පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් දේශබන්දු තෙන්නකෝන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පොලිස්පතිවරයා ලෙස ඔහුව පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)