අධිකරණ නියෝගයක් මත මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කරයි

December 14, 2023 - 12:11 PM
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 107ක් හා හෙරොයින් බවට සැකකරන කුඩු කිලෝ 01 ග්‍රෑම් 104ක් වටලා තිබෙනවා.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් එම හෙරොයින් තොගය විනාශ කිරීම සඳහා නියෝගයක් නිකුත් කර ඇති අතර අද (14) සිමෙන්ති සමාගමකට අයත් පුත්තලම, පාලවිය උඳුන් තුළදී දහනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම නඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හා අදාළ ස්ථානය ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහය ලබාගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රස පරීක්ෂක කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ අධිකරණ කාර්ය මණ්ඩලය ඇතුළු ආයතන රැසක ජ්‍යේෂ්ඨ නියෝජිතයන් සහභාගී වීමට නියමිතයි.
(lknews.lk)