සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන දින නියම කරයි

February 14, 2024 - 11:17 AM

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මැයි - ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

එමෙන්ම 2023 උසස් පෙළ විභාගය වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන් වෙනුවෙන්.

ඒ අනුව නර්තනය සහ සංගීතය යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 20 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වනදා සිට මාර්තු 7 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
(lknews.lk)