ධනුෂ්ක ගුණතිලක පෙම්වතිය සමඟ දිවයිනට

October 04, 2023 - 7:57 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (04) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී පසුව ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණා.

එහිදී මාධ්‍ය වේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කඩිනමින් පුහුණුවීම් ආරම්භ කර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නැවත පැමිණෙන බවයි.

එමෙන්ම ධනුෂ්ක විසින් සිය ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම අදාළ ගැටලුකාරී තත්ත්වයන් තුලදී තමන් ළඟ සිටි සහ තමන්ව කෙරෙහි විශ්වාසය තැබූ සියලුම දෙනාට ස්තූතිය පලකළා.
(lknews.lk)