ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රීඩා තහනම ඉවතට

October 17, 2023 - 11:47 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්වාධීන පරීක්ෂණ කමිටුවේ පත්කළා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එහි නිර්දේශ අනුව අදාළ තීරණය ගත් බවයි.

2022 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලකව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවක් මතයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කට එරෙහිව මෙම ක්‍රිකට් තහනම පැනවුණා.

එහෙත්  ඔස්ට්‍රේලියාවේදී පසුව පැවති නඩු විභාගයකින් අනතුරුව එම නඩුවෙන් ධනුෂ්ක නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කළා.
(lknews.lk)