තමා නිවැරදි බව ඩයනා අධිකරණයට කියයි

August 01, 2024 - 10:48 AM
ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව ඩයනා ගමගේ අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර 7ක් අධිකරණය හමුවේ කියවා දීමෙන් අනතුරුව ඩයනා ගමගේ මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)