ඩයනාගේ කංසා යෝජනාව කැබිනට් මණ්ඩලයට ආවේ නැහැ - ඇමති බන්දුල

February 06, 2024 - 4:14 PM
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බවයි.

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් තමන්ට භාර ගැනීමට නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
(lknews.lk)