ඩයනා ගමගේ රෝහලෙන් පිට වෙයි

October 21, 2023 - 11:17 AM
පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බව කියන පහර දීමේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා ‍ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

රෝහල්ගත වී පැය 03ක පමණ කාලයක් ඇතුළත ඇය පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බව පවසමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය රෝහල් ගත වී තිබුණා.
LK NEWS