ඩයනා ගමගේ මන්ත්‍රී ධූරය සම්බන්ධ පෙත්සම ඉල්ලා අස්කර ගනී

July 17, 2024 - 12:13 PM
සිය මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස් කරගෙන තිබෙනවා.

අදාළ පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී  සිටි නීතිඥවරුන් සඳහන් කළේ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

(lknews)