CTB ප්‍රවේශපත්‍ර ඩිජිටල් කිරීම අත ළඟ

January 12, 2024 - 8:33 AM
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (CTB) බස් රථ සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හෝ QR කේතයක් සහිත ගෙවීම් පද්ධතියක් හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටිනවා.

එම ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරේ පවතින බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට කියා සිටියේ. 
 
සමහර බස් රියදුරන් හෝ කොන්දොස්තරවරුන් විසින් දවසේ මුළු ඉපැයීම් අදාළ ඩිපෝ වෙත ආපසු ලබා නොදීම තුළින් එක් ඩිපෝවක් දිනකට රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදු වන බව ද අමාත්‍යවරයා අනාවරණය කළා. 
 
තව මාස දෙකකින් පමණ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හෝ QR කේතයක් සහිත ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. 
 
වැඩිදුරටත් අදහස් දක්වන අමාත්යවරයා පවසා සිටින්නේ ඉදිරි මාස 2ක තුළ අදාළ ව්යාපෘතිය හඳුන්වා දීමෙන් අනතුරුව එමඟින් ලංකා ගමනා ගමන මණ්ඩලයට දෛනිකව සිදුවන රුපියල් කෝටියක පමණ ආදායම් අහිමිවීම වැළැකෙන බවයි.
 
මෙම මුලපිරීම 2024 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංගම සඳහා 2023 නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ කොටසක් ද වනවා.
(lknews.lk)