ඩිල්ෂාන් මධුශංකට දඩ

July 17, 2024 - 3:51 PM
වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරග මුදලින් 10%ක දඩයක් සහ දඬුවම් ලකුණක් පනවා තිබෙනවා.

ඒ ජූලි 14 වනදා Dambulla Sixers සහ Galle Marvels අතර තරගයේදී පළමු මට්ටමේ වරදක් වන LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය කඩකිරීම හේතුවෙන්.

පිතිකරුවෙක් දැවී යාමෙන් පසු පිතිකරුවෙකුට අපහාස වන ආකාරයේ හෝ නොගැළපෙන ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර ඒ සම්බධයෙන් කළ පරීක්ෂණයේදී ඔහු එම වරද පිළිගෙන තිබෙනවා.

(lknews)