චන්දිමාල් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් වෙයි

April 02, 2024 - 10:34 AM
දිනේෂ් චන්දිමාල් පවුලේ වෛද්‍ය හදිසි අවස්ථාවක් හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන 2 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව බලා පිටත්ව යන අතර ශ්‍රී ලංකා ක්‍රිකට්, ඔහුගේ සහෝදර ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය දිනේෂ් චන්දිමාල්ට මේ මොහොතේ අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන අතර ඔහුගේ සහ ඔහුගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංගලාදේශයේ චැටෝග්‍රෑම් හි පැවැත්වෙන 2 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වන දිනය අදයි.

(lknews.lk)