කොළඹ සිට යාපනය අතර සෘජු අභ්‍යන්තර ගුවන් ගමන් යළි අරඹයි

February 15, 2024 - 4:48 PM

කොළඹ සිට යාපනය අතර සෘජු අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ නලින් පෙරේරා පැවසුවේ ත්‍රිකුණාමලය සහ මඩකළපුව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(lknews.lk)