මෙරට සහ තුර්කිය අතර ඍජු ගුවන් ගමන් අරඹයි

October 30, 2023 - 5:13 PM
වසර දහයකට පසු තුර්කි ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාව සහ ඉස්තාන්බුල් අතර සෘජු ගුවන් ගමන් අද ආරම්භ කළ බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම (AASL) පවසනවා. 

ඒ අනුව දෙරට අතර සතිපතා ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක වනු ඇති. 
 
එහි සමාරම්භක සෘජු ගුවන් යානය (TK 730) අද අලුයම 5.41 ට බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේ මගීන් 261 දෙනෙකු රැගෙනයි. 
 
මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම සඳහා AASL විසින් සංවිධානය කරන ලද ජල ආචාර පෙළපාලියකින් පළමු සෘජු ගුවන් යානය පිළිගනු ලැබූ අතර, පැමිණුනු මගීන්ට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් ලොව විශිෂ්ටතම තේ වලට සමාන වන ලංකා තේ තෑගි ඇසුරුම් වෙත සංග්‍රහ කළා.
(lknews.lk)