එස්තෝනියාවේ සිට ශ්‍රී ලංකාවට ඍජු ගුවන් සේවා අරඹයි

December 20, 2023 - 1:27 PM

ඉතිහාසයේ ප්‍රථම වරට එස්තෝනියානු රාජ්‍යයේ සිට ශ්‍රී ලකාවට ඍජු ගුවන් සේවා ආරම්භ කර තිබෙනවා.

එස්තොනියාවේ සිට SkyUP Airlines පළමු ගුවන් යානය (U5-9394) අද(20) රාත්‍රී 11.50 ට එස්තෝනියා අගනුවර ටැලින් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතයි.

ඒ අනුව එම ගුවන් යානයෙන් පැමිණෙන සංචාරකයන් උත්සවාකාරයෙන් පිළිගැනීමට සුදානම් කර ඇති බවයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරන්නේ.
(lknews.lk)