ආබාධිත පුද්ගලයන්ටත් මැතිවරණයට අවස්ථාව

January 31, 2024 - 1:31 PM
ඉදිරි මැතිවරණ වලදී ආබාධිත ජනතාවටද සම අවස්ථාවක් ලබා දීම අරමුණු කරගෙන ශ්‍රවණාබාධිතයින් සඳහා සංඥා 325කින් යුත් මැතිවරණ ශබ්දකෝෂයක් ඉදිරි මැතිවරණ සඳහා සකසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එමෙන්ම ඉදිරි මැතිවරණ වලදී සංඥා භාෂාව පිළිබඳව දැනුම ඇති නිලධාරීන්ද ඡන්ද මධ්‍යස්ථානවල සේවයේ යොදවන බව ඔහු පැවසුවා.

ආබාධිත සහ ආබාධිත නොවන සෑම පුද්ගලයෙකුටම ඡන්දය සඳහා එක හා සමාන වටිනාකමක් ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)