මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් සාකච්ඡාවක්

June 18, 2025 - 9:11 AM
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර තිබෙන ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටලු සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (18) පවත්වා තිබෙනවා. 

ඒ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන්. 

එහිදී වනඅලින්ගෙන් ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු කර තිබෙනවා. 

ආරක්‍ෂිත වැටට සිදුව ඇති හානි කඩිනමින් අලුත්වැඩියා කිරීමටත්, අනාගතයේ එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා දිගුකාලීන තිරසාර විසඳුම් සකස් කිරීමේ ඇති වැදගත්කමද ආරක්ෂක ලේකම්වරයා එහිදී අවධාරණය කළා. 
 
(lknews)