වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා

July 11, 2024 - 2:29 PM
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරුවේදී පැවැත්වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වර්ජනයට අනෙකුත් දුම්රිය වෘත්තීය සමිති සහය ලබා ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරන බවයි.
 
(lknews)