උඩරට දුම්රිය ධාවනයට බාධා

March 10, 2024 - 4:17 PM
නාවලපිටිය සහ ඉඟුරු ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (10) ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය සේවකයින් මේ වන විට එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ සුළු ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
(lknews.lk)