නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙටින් අවසන්

September 13, 2024 - 2:08 PM
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක් මේ වන විට බෙදා අවසන් කර ඇති බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට ලබන 18 වනදා සිට 21 වනදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.


[lknews]