නිවසටම භාණ්ඩ සැපයීමේ ක්‍රමය රේගුවෙන් අත්හිටුවයි

November 25, 2023 - 11:22 AM
නිවසටම  භාණ්ඩ සැපයුම හෙවත් 'ඩෝ ටු ඩෝ' ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අතිහිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස්ගත පුද්ගලයන් විසින් විවිධ භාණ්ඩ මෙරටට යොමුකිරීමට මෙම ක්‍රමවේදය භාවිතා කර තිබෙනවා.

එහිදී අදාළ භාණ්ඩ, පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ආයතන විසින් සෘජුවම එම පුද්ගලයන් ගේ නිවෙස් වෙතට යොමුකිරීම සිදු කර තිබුණා.
(lknews.lk)