VIDEO | චාමරගේ අලුත්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් අනාවරණයක් කරයි

December 21, 2023 - 3:23 PM
රෝහල්ගතව සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා රෝහල්ගත කිරීමට හේතුව මේ වන විට අනාවරණය වනවා.

ඒ අනුව හදිසියේ ඇතිවූ ශ්වසන අපහසුතාවයක් මත මෙලෙස රෝහල්ගත කර ඇති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.

චාමර වීරසිංහ මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කෙමෙන් කෙමෙන් සුව අතට හැරෙමින් පවතින බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.
(lknews.lk)