ඩොලරය පහළට - රුපියල ඉහළට

July 15, 2024 - 3:47 PM
අද (15) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.19 ක් වන අතර විකුණුම් මිල රු. 306.40 ක් ලෙස සටහන් වනවා.

පසුගිය සතියේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.298.27ක් සහ විකුණුම් මිල රු. 307.46ක් ලෙස සටහන් වුණා.

(lknews)