දේශීය බිත්තර මිල පහළට

March 21, 2024 - 11:06 AM
වෙළඳපොලේ ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තරවල මිලට වඩා දේශීය බිත්තරවල මිල අඩු වී ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ, ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර රුපියක් 45ට අලෙවි වන විට දේශීය බිත්තර රුපියල් 40ට අලෙවි වන බවයි.

මේ හේතුවෙන් තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අවශ්‍ය නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)