දේශීය වෙදකම VAT බද්දෙන් නිදහස්

January 05, 2024 - 8:46 AM
ආර්යුවේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත VAT බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යාංශයක් පිහිටුවීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති සාකච්ජාවකට එක්වෙමින්.
(lknews.lk)