Donald Trump ට ඩොලර් මිලියන 83.3 ක වන්දියක්

January 27, 2024 - 12:33 PM
Donald Trump 2019 දී එක්සත් ජනපද ජනාධිපතිව සිටියදී තීරු ලිපි රචක E Jean Carroll ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3 ක් ගෙවිය යුතු බවට නිව්යෝර්ක් ජූරි සභාවක් තීරණය කර තිබෙනවා.

මෙම දඩ මුදල කොටස් දෙකකට බෙදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ, සිවිල් නඩු විභාගයේ දඩ මුදල වන්දි හානි සඳහා ඩොලර් මිලියන 18.3 ක් සහ දඬුවම් හානි සඳහා ඩොලර් මිලියන 65 ක් ලෙසයි.
(lknews.lk)