ජාතිය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි
June 22, 2025 - 10:29 AM
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා තිබෙනවා.
එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවයි.
එමෙන්ම සිදුකළ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් ලඟා කර ගත් බවත් තමාට ලෝකය හමුවේ පවසා සිටිය හැකි බවද ට්‍රම්ප් පැවසූ අතර ඊශ්‍රායලයට එල්ල වූ මෙම බිහිසුණු තර්ජනය මකා දැමීමට ඔවුන් කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවත් තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට සුබ පැතූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේදී ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිදු කළ ප්‍රහාර හමුවේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමන් පියවර ගත් බවයි.
අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්යාහු දුරකතන සංවාදයකද නිරත ව ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)