උඩරට යන රියදුරන්ට විශේෂ උපදෙස්

December 06, 2023 - 9:16 AM
පවතින අධික වර්ෂාපතනයත් සමඟ උඩරට මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී ඇතිවිය හැකි අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, පස් කඳු කඩා වැටීම සහ ගල් පෙරළීමේ අවදානමක් ඇති මීදුම් සහිත, ලිස්සන සුළු මාර්ගවල රියදුරන් ප්‍රවේශම් විය යුතු බවයි. 
 
මීදුම නිසා මාර්ගය පැහැදිලිව දැකීමට නොහැකි බව ද ඔහු සඳහන් කළා. 
 
වංගු සහ කඳුකර ප්‍රදේශවල වාහන පාලනය කිරීම සඳහා ගියර් වෙනස් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ඔහු රියදුරන්ට අවවාද කරනවා.
(lknews.lk)