ශ්‍රී ලංකා ගුවන් තොටුපළෙන් විදේශිකයන්ට රියදුරු බලපත්‍රයක්

March 23, 2024 - 10:36 AM
ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශීය පුද්ගලයින්ට, 2024 අප්‍රේල් 15 වන දින සිට සෘජුවම ගුවන් තොටුපලේදී ඒ සඳහා අයදුම් කිරීමේ පහසුව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මෙමඟින් ගුවන් තොටුපළෙන් පිටවීමත් සමඟ ඔවුන්ගේ රියදුරු බලපත්‍රය කඩිනමින් සහ කාර්යක්ෂමව ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

එසේම මාර්ග අනතුරුවලින් විපතට පත් වූවන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ ද මාර්තු 01 වැනිදා ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
(lknews.lk)