ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර

February 06, 2024 - 2:24 PM
පුර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා.

ඒ 2022 වසරේ නොවැම්බර් මස 14වනදා අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුවයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබෙනවා.
(lknews.lk)