ආබාධ සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර

December 22, 2023 - 10:02 AM
ආබාධ සහිත පුද්ගලයන්ට මෙම මස සිට රියැදුරු බලපත්‍ර ලබාදීමට රජයේ අනුමැතිය හිමිවී ඇති බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පවසා තිබෙනවා.

මෙලෙස ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන ලෙස ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ විසින් ආබාධිත සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ජනාධි පතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ආබාධ සහිත පුද්ගලයන්ට අවස්ථාව දෙන බව ආබාධ සහිත තැනැත්තන්ගේ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම පවසා ඇති බව සඳහන්.
(lknews.lk)