පාසල් අවට සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන හෙළිවෙයි

February 07, 2024 - 10:42 AM
දිවයින පුරා පාසල් 10221 අතරින් පාසල් 4983ක් අවට මත්ද්‍රව්‍ය හුවමාරු වන බවට හඳුනාගෙන ඇති බව පොලීසිය විසින් සඳහන් කළා.

පසුගිය මාසයේ එම පාසල් අශ්‍රිතව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය අලෙවි  කළ පුද්ගලයින් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීම්වලදී හෙරොයින් 85g, අයිස් 48g, මත්පෙති 1,561ක්, ගංජා කිලෝවකට අධික ප්‍රමාණයක්, මාවා 3kg, මදන මෝදක 2kgකට අධික ප්‍රමාණයක් මෙන්ම නීතිවිරෝධී දුම්වැටි 1,285ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
(lknews.lk)