මෙරට නිෂ්පාදිත කරවල හා උම්බලකඩ අපනයනය කෙරේ

January 15, 2024 - 11:22 AM
මෙරට නිෂ්පාදිත කරවල හා උම්බලකඩ ඔස්ට්‍රේලියාවට හා කොරියාවට පළමු වරට අපනයනය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ නව තාක්ෂණය භාවිතා කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය ඒ අනුව ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කළ බවයි.

තංගල්ල - පහජ්ජාව ප්‍රදේශයේ පිහිටි මෙගාෆිෂ් කරවල හා උම්බලකඩ නිෂ්පාදනායතනය විසින් කරවල හා උම්බලකඩ පළමු කන්ටේනරය අපනයනය සිදු කර තිබෙනවා.
(lknews.lk)