වියළි කාලගුණයෙන් ජල සැපයුමටත් බාධා

March 10, 2024 - 11:13 AM
පවතින වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එම තත්වය මතුව ඇත්තේ, දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන්.

ඇතැම් ප්‍රදේශෙ වලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සංවර්ධන අනෝජා කලුආරච්චි සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා1939 යන දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා.
(lknews.lk)