ඩුබායි ජලයෙන් යටවෙයි

April 17, 2024 - 3:04 PM
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෙවත් ඩුබායි රාජ්‍යයට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ඩුබායි ගුවන්තොටුපොලද ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් අඩපණ වී තිබෙනවා.

නිවාස සහ ව්‍යාපාරවලට හානි සිදු වී ඇති අතර එරට බලධාරීන් සහ ජනතාව ධාරානිපාත වර්ෂාවකින් පසු මහාමාර්ගවල සුන්බුන් ඉවත් කරන බවයි සඳහන් වන්නේ.

මෙම අධික වැසි තත්වය තවත් දින කිහිපයක් පැවතිය හැකි නිසාවෙන් එරට රජයේ සේවකයින්ට සහ පාසල්වලට දුරස්ථව වැඩ කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

(lknews.lk)